ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ 12 වෙනි දින අතුරුදහන් වු තිදරු පියෙකුගේ අස්ථි කොටස් කිහිපයක් තේ
වතු යායක තිබි ඊයේ (18) හමු වු බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක  ශාන්ත
බණ්ඩාර මහතා පැවසිය.

හමු වු අස්ථි කොටස් සම්බන්ධයෙන් හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් සංජිව ෆොන්සේකා
මහතා අද ස්ථාන පරික්ෂාව සිදු කර බගවන්තලාව පොලිසියට නියෝග කලේ සොයාගත් අස්ථි කොටස් රජයේ
රස පරික්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබාගෙන එම වාර්තාව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය
වෙත යොමු කරන ලෙසයි.

මහෙස්ත්‍රාත්වරයා විසින් සිදු කල ස්ථාන පරික්ෂාවට හැටන් දික්ඔය මුලික රොහලේ විශේෂඥ අධිකරණ
වෛද්‍යය ඉනෝක රත්නායක මහත්මිය ඇතුළු අධිකරණ වෛද්‍යවරුන් රැසක්ද සහභාගි විය.

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වතුයායේ මාන පදුරු මත තිබි හමු වු අස්ථි කොටස්
බගවන්තලාව කොටියාගල වතුයායේ පදිංචිව සිටි පෙරුමාල් සෙල්වම් (42)  නැමති අයගේ බවට අතුරුදහන්
වු අයගේ බිරිද සහ දරුවන් විසින් අස්ථි කොටස් අසල තිබු රෙදි කැබලි කිහිපයකින් හදුනාගත් නිසා එම අස්ථි
කොටස් අතුරුදහන් වු අයගේ බවට සැකකරන බවයි පොලිසිය පැවසුවේ.

අතුරුදහන් වු තිදරු පියා භාවිතා කල ජංගම දුරකථනය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය මගින් සිදු කල
පුළුල් විමර්ෂණයකදි එම ජංගම දුරකථනය   තවදුරටත් ක්‍රියාකාරි තත්ත්වයේ පැවතිම නිසා එම ජංගම
දුරකථනයේ ඉමි අංකය අනුව වර්තමානයේ එම දුරකථනය භාවිතා කරන වතු කම්කරු කාන්තාවක් සැකපිට
අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි එම කාන්තාව විසින් පොලිසිය වෙත පවසා ඇත්තේ ඉකුත් වසරේ
 දෙසැම්බර් මස 17 දින අස්ථි කොටස්  තිබෙන ස්ථානයට යාබදව දුරකථනයක් නාද වෙමින් තිබු බවත්ල
එම දුරකථනය අයිතිකරුවෙකු නොමැති නිසා රැගෙන වෙනත් සිම් කාඩ් පතක් යොදා ගනිමින් ජංගම දුරකථනය
භාවිතා කල බවයි.

හැටන් රංජිත් රාජපක්ෂ