සය හැවිරිදි දකුණු කොරියානු යූ ටියුබ් තරුවක් සහ ඇගේ දෙමාපියන් පවුම් මිලියන ගණනක දේපලක් මිලදී ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය බෝරාම් නමැති මෙම දැරියගේ යූටියුබ් නාලිකාවෙන් කුඩා දරුවන්ට විනෝදය ගෙනදෙන ආකාරයට ඇය විවිධ ඉදිරිපත් කිරීම් සිදුකරන අතර බොහෝ දෙමාපියන්

තම දරුවන්ට එය නැරඹීමට අවස්ථාව සලසා ඇත.
මිලියන 30 කට අධික ග්‍රාහකයින් සම්බන්ධවී සිටින නාලිකා 3 කින් ඉහළ ආදායමක් උපයන බවද පැවසේ.
මේල් බිස්නස් පුවත්පත වාර්තා කළේ මහල් පහකින් යුත් ඔවුන් මිලට ගත් ගොඩනැගිල්ල සෝල් හි වඩාත් ධනවත් ප්‍රදේශවලින් එකක් වන ගංගනම්හි පිහිටි බවයි.
දැරියගේ දෙමව්පියන් විසින් පිහිටුවන ලද බෝරාම් සමාගම විසින් මෙම දේපළ මිලදී ගනු ලැබුවේ වොන් බිලියන 9.5 කට (ඩොලර් මිලියන 6.5) කට බව වාර්තාවේ.
බෝරාම්ගේ වීඩියෝ, බෝරාම් ටියුබ් ටොයිස් රිවීව් සහ බෝරාම් ටියුබ් ව්ලොග් වෙත පළ කර ඇත.