අවුරුදු 15 මාස 07 ක්‌ වයසැති පාසල් ශිෂ්‍යාවක සිය මවගේ දෙවැනි විවාහක සැමියා අතින් අතවරයට ලක්‌වී මාස 05 ක ගැබිනියක බවට පත්වීමේ පුවතක්‌ අනාවරණය කර ගැනීමට මොනරාගල පොලිසියට හැකි වී තිබේ.
 මොනරාගල ප්‍රදේශයේ වතුයායක පදිංචිව සිටින මෙම දැරිය මවගේ දෙවැනි සැමියා අතින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌ වී ඇත්තේ ඉකුත් පෙබරවාරි මාසයේ දිනයක රාත්‍රි කාලයේදීය. දැරියගේ ශාරීරික ලක්‍ෂණවල වෙනසක්‌ දුටු බව ඒ පිළිබඳ සැලකිලිමත් වී දැරියව පවුල් සෞඛ්‍ය සේවිකාවකට යොමුකර ඇති අතර එහිදී
දැරිය ගැබිනියක බවට හඳුනාගෙන වෛද්‍යවරයකු වෙත යොමු කිරීමෙන් පසු සිද්ධිය හෙළි වී තිබේ.

 මේ පිළිබඳව පොලිසියට දැනුම්දීමෙන් පසු සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන සිදුකරන අතරේ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇත.

 මොනරාගල පොලිස්‌ අධිකාරි සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස්‌ අධිකාරි ගාල්ලගේ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත මොනරාගල මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක වේහිත දේශප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස්‌ පරීක්‍ෂක කුමාරරත්න මහතා ඇතුළු නිලධාරී කණ්‌ඩායමක්‌ වැඩිදුරට විමර්ශන සිදුකරති

 මොනරාගල විශේෂ සේපාල මහානාම, මඩුල්ල - කේ. එම්. පී. බණ්‌ඩාර