ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය මගින් වේරහැර පවත්වාගෙන
යන රෝහලේ හයවැනි තටුවේ වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි (18) රාත්‍රියේ එයින් බිමට පැනීමෙන් මියගොස් තිබීම මින් ඉහත වාර්තා විය.
ඇය ගැන ලැබෙන තොරතුරු අනුව ඇයඅ රූපලාවන්‍ය ශිල්පිනියක බව වාර්තාවී ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි.


මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටියේ පදිංචිව සිටි ක්‍රිස්ටියන් ප්‍රනාන්දු නමැති 28 හැවිරිදි අවිවාහක තරුණියෙකි.මියගිය තරුණිය මාලදිවයිනේ රූපලාවන්‍යගාරයක වසර 07ක පමණ කාලයක්ක සේවය කර මීට මාස 1 1/2කට පමණ ඉහත දී මෙරටට  පැමිණ ඇති බව බොරලැස්ගමුව පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

මාලදිවයිනේ රූපලාවන්‍යාගාරයක සේවය කරමින් සිටිය දී එහි සේවය කල තරුණියන් කීප දෙනකු දුම්වැටියකට කිසියම් විස දුමාරයක් දමා තමාට පානය කිරීමට දුන් බව දියණිය පැවසු බව ඇයගේ මව පොලිසියට පවසා තිබෙන බව කියයි.

මේ බව කියමින් දියණිය නිතර කල්පනා කරමින් කාලය ගත කිරීම නිසා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් වේරහැර පිහිටි රෝහලට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ඇතුළත් කර තමා ද ඇය ළග සිටි බව රූපලාවන්‍ය ශිල්පිනියගේ මව පවසන්නේ යැයි ද එම පොලිස් නිලධාරීයා කීය.

රෝහලේ හයවැනි තට්ටුවේ පිහිටි වාට්ටුවක නැවතී ප්‍රතිකාර ලබමින් සිටි අතරවාරයේ දියණිය ඉකුත් 18දා රාත්‍රී 7.00ට පමණ එම මහලින් බිමට පැන ඇති අතර  බිමට පනින අවස්ථාවේ තමාට නින්ද ගොස් සිට බවද රූපලාවන්‍ය ශිල්පිනියගේ මව පවසන බව පොලිසිය කියයි.

හය වැනි තට්ටුවේ සිට පැන්න රූපලාවන්‍ය ශිල්පිනියගේ සිරුර බිම් මහලේ කොන්ක්‍රීට් තට්ටුව මත මුණින් අතට වැටී තිබිය දී පොලිසිය සොයාගෙන තිබුණි.
වැඩිදුර පරීක්ෂණ සිදුවේ.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව 
බොරලැස්ගමුව කොතලාවල රොහලේ හයවෙනි මහලින් පැන්න 28 හැවිරිදි තරුණිය අභිරහස් ලෙස මියගිහින්