නීති විරෝධී ගබ්සාවකට ලක්ව අධික ලෙසින් රුධිරය ගලා යාම නිසා අසාධ්‍යය තත්වයට පත් 14 වැනි වියේ පසුවන සිසුවියක පසුගියදා (1)හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් නළ බව පලම පොලිසිය කියයි.  අතවරයකට පත්වූ මෙම දැරියගේ මව විදේශ රැකියාවකට ගොස් ඇති බවත් ඇය සිය පියා සහ අක්කා සමග
නිවසේ ගතකර ඇති බවත් පාසල් යමින් සිටි දැරිය බිංගිරිය ප්‍රදේශයේ පදිංචි 20 වැනි වියේ පසුවන තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක්  පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි.

 මෙයට දින දෙකකට පමණ පෙරදී ඇය හදිසියේම රෝගාතුර වූ අතර ඊට හේතුව සොයාගත
නොහැකිවී ඇත.  දැරිය තම පෙම්වතා සමග අවස්ථා කිහිපයකදී තම නිවසේදිම අඹුසැමි ඇසුරක් පැවැත්වූ බව ඇගේ නිවසේ සාමාජිකයන් පසුව දැනගෙන ඇති බව පොලිසිය කියයි.

 ඒ අතර ඇය ගැබ්ගත් බව දැනගත් පෙම්වතා ඇයට කිසියම් පෙති වගයක් ගෙනැවිත් බිමට දුන් බවත් එය පානය කළ දිනට පසුදින ඇය රුධිරය පිටවීමෙන් අසාධ්‍යය තත්වයට පත්වීම නිසා රෝහල් ගතකළ අතර රෝහලෙන් මේ බව පොලිසියට දැනුම්දුන් පසු පොලිසිය පරික්ෂණ ආරම්භ කළ බවත් කියයි.

පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම දැරිය තම නිවස අසල පදිංචි 47 වැනි වියේ පසුවන විවාහකයකු සමගද ඇසුරක් පවත්වා ඇති බව හෙළිවූ බව පොලිසිය කියයි.  මේ අනුව පෙම්වතා හා එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

-හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු-