https://www.gossiplankanews.com/2019/08/14-years-after-brothers-sentenced-for-murder.html#more
න්ධන පිරවුම්හලේ මුදල් තැන්පත් කිරීම සඳහා බැංකුවට යමින් සිටි සිය පෙම්වතිය ලැගුම් හලකට රැගෙන ගොස් නිදිපෙති හා කෘමිනාශක බොන්නට දී ගෙල සිරකර මරා දැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයෙකුට හා ඔහුගේ වැඩිමහලු සහෝදරයාට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය ඊයේ (09) මරණ දඩුවම් නියම කළාය.
ඇසින් දුටු කිසිදු සාක්කිකරුවකු නොමැතිව සම්පූර්ණයෙන්ම විමර්ශන සාක්කි මත පදනම් වූ මෙම නඩු විභාගය අවසානයේ දී විත්තිකාර අයියා මලෝට
එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විත්තිකරුවන්ට මරණිය දඬුවම් නියම කිරීමට විනිසුරුවරිය තීරණය කළාය. බැංකුගත කිරීම සඳහා රැගෙන යමින් සිටි ඉන්ධන පිරවුමහලට අයත් රුපියල් ලක්‍ෂ 09ක මුදල් පැහැර ගැනීම සඳහා විත්තිකාර අයියා මලෝ අවස්ථා තුනක දී මරණකාරිය මරා දැමීමට තැත්කර සිවුවැනි අවස්ථාවේ දී ඇයගේ ගෙල සිරකර ඇය මරා දමා ඇති බව සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක
හිරියාදෙණිය මහතා ඇතුළු නිලධාරීන් විසින් හෙළි කරගෙන ඇති බවත් විත්තිකරුවන්ට එරෙහි
චෝදනා පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කර ඇති බවත් විනිසුරුවරිය තීරණය කළාය.

මීට වසර 14කට ඉහත දී සිදුකළ මෙම අපරාධයට අදාළව මාසයක කාලයක් තුළ සිදුකළ සාක්ෂි විභාග
යකින් අනතුරුව විත්තිකාර අයියා මලෝට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පුකර ඇතැයි තීරණය
කරමින් මෙලෙස දඬුවම් නියම වූයේ වැල්ලව මරලුවාව පදිංචිකරුවන් වන ත්‍රීරෝද රථ රියැදුරකු වන ධම්මික ප්‍රසන්න විජේසිංහ (41) සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන අනුර ජයතිස්ස විජේසිංහ (50) නමැත්තන්ටය.


2005 සැප්තැම්බර් මස 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ඉබ්බාගමුවේ දී ආර්.එම්. අනුෂා හේමන්ති රත්නායක (24) නමැති තරුණිය ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඒ අනුව පොදු අරමුණකින් කටයුතු කරමින් ඇය රවටාගෙන ගොස් ඇයගේ මරණය සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි. මෙහි පළමු විත්තිකාර ධම්මික ප්‍රසන්න විජේසිංහ නමැත්තා මෙම නඩුවට අදාළව ඇප ලබාගැනීමෙන් අනතුරුව පලාගොස් වසර ගණනාවක්ම සැගවී සිටි අතර එසේ සැඟවී සිටිය දී පසුගිය ජුනි මාසයේ දී ගොකරැල්ල
පොලිසියේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දිනපතා මෙම නඩුව විභාග කිරීමට විනිසුරුවරිය තීරණය කිරීම නිසා පසුගිය ජුලි මස 08 වැනිදා සිට නඩු විභාගය ආරම්භ කෙරිණි.

මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී ත්‍රීරෝද රථ රියැදුරකු වන මෙම නඩුවේ පළමු විත්තිකාර ධම්මික ප්‍රසන්න විජේසිංහ නමැත්තා විවාහකයකු වන නමුත් මරණකාරිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව හෙළි විය. මරණකාරිය සේවය කළ ඉබ්බාගමුව ඉන්ධන පිරවුම් හලේ එක්රැස්වූ රුපියල් ලක්ෂ 09ක මුදල් කුරුණෑගල පිහිටි පෞද්ගලික බැංකුවක බැංකුගත කිරීම සඳහා
මෙම අපරාධය සිදුවූ 2005 සැප්තැම්බර් මස 19 වැනිදා රැගෙන ගොස් ඇතැයි ද ඇය එම මුදල් රැගෙන ගොස් ඇත්තේ සිය පෙම්වතා වන මෙම නඩුවේ පළමු විත්තිකාර ධම්මික ප්‍රසන්න විජේසිංහ නමැත්තා විසින් පදවන ත්‍රීරෝද රථයෙන් යැයි ද නඩු විභාගයේ දී
හෙළි වූ අතර පෙම්වතිය ළග රුපියල් ලක්‍ෂ 09ක මුදලක් ඇති බව දැනගත් විත්තිකරු අතරමග දී 'අපි පැනලා යමු” යනුවෙන් යෝජනා කර ඇය ලැගුම් හලකට රැගෙන ගොස් එහිදී ඇයට නිදි පෙති බීමට සලස්වා ඇතැයි ද නඩු විභාගයේ දී හෙළිවිය. නිදිපෙති බීමෙන් ඇය මිය
නොයැම හේතුවෙන් ඔහු නිවසට ගොස් මෙම නඩුවේ දෙවැනි විත්තිකාර අනුර ජයතිස්ස විජේසිංහ නමැති සිය වැඩිමහල් සහෝදරයා සමග කුලියට ගත් කාර් රථයකින් ලැගුම් හලට පැමිණ මත්ගතියෙන් පසුවූ තරුණිය කාර් රථයේ නංවාගෙන අනුර ජයතිස්ස නමැති දෙවැනි විත්තිකරුගේ නිවසට ගොස් ඇති බවත් එහිදී වතුර ඉල්ලු මරණකාරියට වස කුප්පියක් බීමට සලස්වා ඇති බවත් වස බීමෙන් ද ඇය මිය නොයෑම
හේතුවෙන් නිවස පිටුපස ඇති වතුර පිරුණු වළට ගෙන ගොස් ඇය මරා දැමීම සඳහා ඇගේ මුහුණ වතුරේ ඔබාගෙන සිට ඇති බවත් නඩු විභාගයේ දී සාක්කි ඉදිරිපත් විය.


ඉන් ඇය සිහි මුර්ජාවීම නිසා ඇය මියගිය බව සිතූ විත්තිකරුවන් ඇයගේ සිරුර විසි කිරීම සඳහා කුලියට ගත් කාර් රථයේ ඩිකියේ දමාගෙන බතලේගොඩ වැව ආසන්නයේ පක්කල ඇලවේල්ල අසලට ගෙන
ගොස් බලන විට ඇය ජීවතුන් අතර සිටින බව දැන එහිදී ඇයගේ ගෙළ මිරිකා මරා දමා ඇති බව හෙළි කරගත් බව නඩු විභාග යේ දී හෙළි වූ අතර පසුව ඇයගේ මෘත දේහය පන්තල ඇලවේල්ල අසල දමා ගොස් ඇති බවත් පසු දින එම සිරුර හමු වී ඇති බවත් නඩු විභාග
යේ දී හෙළි විය. මෙම මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ ගොකරැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා
ලෙස රාජකාරී කළ වර්තමාන පොලිස් මන්ද්‍රව්‍ය නාශක කාරියාශයේ වත්මන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක හිරියාදෙණිය මහතා මරණකාරිය සේවය කළ ඉන්ධන පිරවුම් හලේ දුරකථනයට ලැබුණු හා ඉන් ලබාගත් ඇමතුම් පරීක්ෂා කිරීමේ දී විත්තිකරුගේ ජංගම දුරකතන අංකය හෙළි වීම නිසා ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

තරුණිය මරා ලබාගත් රුපියල් ලක්‍ෂ 09ක මුදල විත්තිකාර අයියා මලෝ
බෙදාගෙන ඇති බවත් එම මුදලින් මෙම නඩුවේ පළමු විත්තිකාර මල්ලී මිලදී ගෙන තිබූ ත්‍රීරෝද රථයක් හා ඔහුගේ නිවස පිටුපස වළ දමා තිබූ රුපියල් ලක්‍ෂ 04ක මුදලක් සොයාගත් බවත් සාක්කි දෙමින් සඳහන් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියාදෙණිය මහතා අයියා මිල දී ගෙන තිබූ ටී.වී., කැසට් ඇතුළු විද්‍යුත් උපකරණ රාශියක් සොයාගත් බවත් සාක්කි දෙමින් හෙළි කළේය. ඝාතනය කළ තරුණියගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ සිදුකළ කුරුණෑගල රෝහලේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි සුනිල්
පියසේන මහතා සාක්කි දෙමින් මියගිය තරුණියගේ සිරුරේ තුවාල 23ක් නිරීක්‍ෂණ කළ බවත් ඇයගේ නාසය හා මුඛය අවහිර කර ගෙල සිර කිරීම නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් ඇයගේ මරණය සිදු වී ඇති බවත් සඳහන් කළේය.

දීර්ඝ නඩු විභාගය අවසානයේ දී ඉදිරිපත් වූ සාක්කි විශ්ලේෂණය කළ විනිසුරුවරිය විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළාය. මෙම චෝදනාවන්ට වරදකරුවකු වූ පුද්ගලයකුට දිය හැක්කේ මරණ දඩුවම වන හෙයින් එම දඩුවම තියම කිරීමට පෙර යමක් කීමට ඇතිදැයි විත්තිකරුවන්ගෙන් විමසූ විට තමන් එම චෝදනාවට නිවැරදිකරුවන් යැයි විත්තිකාර අයියා මලෝ අධිකරණය හමුවේ කීහ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය විත්තිකාර අයියා මලෝට මරණිය දඩුවම් නියම කළාය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතිඥ චාරක ධර්මසිරි මහතා පෙනී සිටියේය.


 (මනෝප්‍රිය ගුණසේකර සහ  රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)