නයිජීරියානු ගුවන්තොටුපොළක පිටත්වීමට සූදානමින් තිබූ මගී ගුවන් යානයක තටුවක් මතට නගිමින් ඊට
ඇතුල් වීමට උත්සාහ ගත් පුද්ගලයෙක් එරට ගුවන්තොටුපොළ බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
නයිජීරියාවේ Lagos ගුවන් තොටුපොළේ දී සිදු වූ මෙම අහඹු සිද්ධිය එම යානයේ සිටි මගියෙකු විසින් රූගත කර අන්තර්ජාලයට මුදාහැර ඇත.