https://www.gossiplankanews.com/2019/07/sri-lanka-beat-west-indies.html#more
ක්‍රිකට් ලෝක කුසලානය යටතේ බ.කොදෙව් පිල හා ශ්‍රී ලංකාව අතර පැවති පළමු වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව ජයගන්නා ලදි.මෙම තරගාවලියේ මුල්වරට ලකුණු 250 සීමාව ඉක්මවා ලකුණු 338 ක විශාල ලකුණු ගණනකට යාමට ශ්‍රී ලංකාවට හැකිවීම විශේෂිතය.
එම ඉලක්කය හඹා ගිය කොදෙව්වන් ලබාගත්තේ කඩුළු 9 ට ලකුණු 315 පමණි.
පිතිකරණයේදී තම මංගල ශතකය වාර්තා කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 103 කට ලකුණු 104 වේගයෙන් ලබාගැනීම මෙම ජයග්‍රහණයට බෙහෙවින් දායක විය. කුසල් පෙරේරා (64) ලහිරු තිරිමාන්න (45) සාර්ථක විය.
පන්දු යැවීමේදී මාලිංග කඩුළු 3 ක් ලබාගත් අතර

ලකුණු 118 ක් ලබාසිටි නිකලස් පූරන්ගේ අගනා විකට්ටුව ඇන්ජලෝ මැතිව්ස් විසින් ලබාගැනීම විශේෂිතය. මැතිව්ස් 2017 දෙසැම්බරයෙන් පසු වසර එකහමාරක් පමණ පන්දු යැවීමෙන් ඉවත්ව සිටියේ ආබාධ ඇතිවූ නිසාය. එසේ සිට යැවූ පළමු ඕවරයේ පළමු පන්දුවෙන්ම වටිනා විකට්ටුවක් ලබාගැනීම විශේෂිත විය. පූරන් තවදුරටත් කඩුල්ලේ සිටියේ නම් ශ්‍රී ලංකාවට තරගය ජයගැනීම පවා දුෂ්කර තත්වයක් ඒ වනවිට පෙන්නුම් කර තිබුනි.
අවිෂ්ක ප්‍රනාන්දු තරගයේ වීරයා විය. ඔහුගෙන් ඇසූ ප්‍රශ්න වලට සිංහල උත්තර ඉංග්‍රීසියට පෙරළා ඉදිරිපත් කළේ සංගක්කාරයි.
මෙම ජයග්‍රහණයත් සමග ලකුණු සටහනේ 6 වන තැනට ශ්‍රී ලංකාව තේරී ඇත.