හොලොකාස්ට් නමින් හඳුන්වන දෙවන ලෝක යුද සමයේ නාසීන් යුරෝපියානු යුදෙව්වන් මිලියන 6 ක් සමූල ඝාතනය කිරීමේ සිදුවීම පිළිගැනීමට නොහැකි බව පැවසීම මත ඇතිවූ මතවාදී ප්‍රශ්නයක් නිසා ඇමරිකාවේ
ෆ්ලොරිඩාවේ පාසලක විදුහල්පති වරයෙකුට සිය තනතුරින් ඉල්ලා අස්වන්නට සිදුවූ පුවතක් වාර්තාවේ.
William Latson නමැති මෙම විදුහල්පතිවරයා
සේවය කර ඇත්තේ ෆ්ලොරිඩාවේ  Boca Raton හි පිහිටි Spanish River Community High School නමැති පාසලේය.
මෙම විදුහල්පතිවරයා පවසා ඇත්තේ හොලොකාස්ට්  හුදු ප්‍රබන්ධ ඉතිහාස කතාවක් බවත්
නාසීන් යුදෙව්වන් සමූල ඝාතනය කර නැති බවත්ය. ඒ ගැන තමන් තම පාසලේ දරුවන්ට බොරු උගැන්වීමට අකමැති බවත්ය. මේ සම්බන්ධයෙන් පාසලේ දෙමාපියන් සමග ඔහු වාද කර තිබෙන අතර ඊමේල් මගින් ඇතිවූ අදහස් හුවමාරුවක් පුවත්පතක පළවීමෙන් පසු විදුහල්පතිවරයාගේ මතවාදය ගැන බොහෝ අය විරුද්ධත්වය පළ කර ඇත.
පසුව අන්තර්ජාලය ඔස්සේ එම පාසලේ දෙමාපියන් පෙත්සමකට අත්සන් කර තිබූ අතර එය බලපෑම් කාරී ක්‍රියාමාර්ගයක්වීමෙන් අදාළ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් විදුහල්පතිවරයාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ.