ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉඩම් පනතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ශේෂ්ඨාධිකරණය හමුවේ නඩු 5ක් පැවරීමට යයි. මෙම නඩුවලින් 03ක් ඊයේ (03දා) දිනයේදී පවරා ඇති අතර තවත් නඩු දෙකක් අද (4දා) ගොනු කිරීමට නියමිතය.

වර්තමාන
රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුවේදී පනත් සම්මත කර ගනිමින් දේශීය සම්පත් විදේශීකරණය කිරීමට උත්සාහ ගැනීම ඒකාබද්ධ විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති නඩුවල නිමිත්ත වී තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු වත්මන් ආණ්ඩුව ඇමෙරිකාව සමඟ එකඟ වී ඇති පරිදි දේශිය සම්පත් විදේශීයකරණය කිරීමත් විදේශ හමුදා බළඇණිවලට මෙරට භූමියේ ඉඩ ලබාදී මෙරට ඇමෙරිකාවේ පාලනයට යටත් කිරීමට දරන උත්සාහය පරාජය කිරිමට ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම මහින්ද රාජපක්ෂ විපක්ෂය නායකවරයා සමඟ එක්වී ක්‍රියාත්මක කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (23දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

-ජයසුරිය උඩුකුඹුර-