මුස්ලිම් ජනතාවගේ ගැටලුවලට නිසි විසඳුම් ලබාදෙන තෙක්, යළි අමාත්‍ය ධුර භාර නොගැනීමට
ශ්‍රී ලංකා මුස්ලිම්
කොංග්‍රසය තීරණය කර තිබේ.
අද පස්වරුවේ කොළඹදී රැස්වු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බව, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.
මින් ඉහත වාර්තාවී තිබුනේ අමාත්‍ය තනතුරු වලින් ඉල්ලා අස්වු මුස්ලිම් මන්ත්‍රීවරුන් සියලු දෙනා විදෙස්ගතව සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම් මහතා දිවයිනට පැමිණි පසු යළි එම ධුරයන්හි දිවුරුම් දෙන බවකි.