රිෂාඩ් බදියුදීන්ට අමාත්‍ය ධුරයක් ලබාදීමට එරෙහිව උපවාසයකද නිරතවූ පූජ්‍ය අතුරලියේ රතන හිමි  රාජගිරිය සදහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේ ඊයේ (29) මෙසේ කීහ.

 "රිෂාඩ් බදියුදීන්
ඇමතිවරයාට තමන්ගේ මුස්ලිම් ඡන්ද කුට්ටියක් ගැනීම සඳහා දොළපිදේනියක් හැටියට ඇමතිකම් ලබා දීලා තියෙනවා. අද මේ රටේ වැදගත් වෙන්නේ ඇමතිකම් ද රටේ ජනතාවගේ ඉදිරි පැවැත්මද කියන එක තීන්දු කරන දවසක් බවට අද පත්වෙලා තියෙනවා. ඒ සඳහා අපි තීරණාත්මකව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා."