ධුර වලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගෙන් කොටසක් පමණක් ඊයේ දිවුරුම් දුන් අතර මෙය මතභේදාත්මක තීරණයක් වූ බව අභ්‍යන්තර ආරංචි වාර්තා කරයි.
 රිෂාඩ් බද්දියුදීන් , අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්ඩීන් , අබ්දුල්ලා මහරූෆ් හා රාවුෆ් හකීම් යළි දිවුරුම්
දුන්නද ඉතිරිව සිටින තිදෙනා වන

ඇමතිධුරවලින් ඉල්ලා අස් වූ අලි සාහිර් මවුලානා, එච් එම් හාරිස් සහ ෆයිසාල් කාසීම් යන මහත්වරුන් අමාත්‍යධුර භාර ගත්තේ නැත.
අලි සහීර් මවුලානා දක්වා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කිරීමේ රජයේ තීරණයට විරෝධය දැක්වීමක් ලෙස ඇමැතිධූරය බාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.
මේ අතර රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂය වන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය නායක ලෙස කටයුතු කළ ආචාර්ය ඒ.එම් ජෙමිල් බදුර්දීන් යළි ඇමති ධූර ලබාගන්නවාට විරුද්ධවී ඇති අතර ඔහු එම තනතුර භාරගත් නිසා තමා පක්ෂයෙන් අස්වන බව දක්වා සියලු තනතුරු වලින් ආචාර්ය ජෙමිල් ඉල්ලා අස්වී ඇත.