ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ
සේවකයින් ආරම්භ කළ
සංඛේත වර්ජනය අද(17) දිනයේත් ක්‍රියාත්මක වන බව වාර්තාවේ.

ඊයේ(16) පස්වරු 04.00 ට ආරම්භ කළ මෙම වර්ජනය පැය 48 ක කාලයක් ක්‍රියාත්මක කෙරෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙම ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් දිවයින පුරා තැපැල් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.