තැපැල් සේවක ගැටළු මත පසුගිය සතියේ දින 2 ක් ක්‍රියාත්මක වූ තැපැල් වර්ජනය එම ඉල්ලීම් සම්බන්ධයෙන් ඇමතිවරයා ලබාදුන් දුර්වල ප්‍රතිචාරය නිසා නැවත පණගන්වන්නට වෘත්තීය සමිති තීරණය කර තිබේ.

ගැටලු විසඳීමට අදාළ කැබිනට් සංදේශය ඉකුත් සිකුරාදා
(19)  පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබුණද ඊට නිශ්චිත විසඳුමක් ලැබී නැත.
තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු  අමාත්‍ය  අබ්දුල් හලීම් මේ ගැන කතාකරන්නට යාමේදී ජනාධිපතිවරයා සහ මුදල් ඇමැතිවරයාත්  එකට වාඩි වී මේ ප්‍රශ්නය විසඳිමට පියවර ගත යුතු  බවට ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පෙන්වාදී ඇති නමුත් එදින මුදල් ඇමැතිවරයා    කැබිනට් රැස්වීමට සහභාගී නොවුන නිසා එම අවස්ථාව මගහැරී ඇත.

21 මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කර එක්දින වෘත්තීය සමිති අරගලයක් සිදු කිරීමට ඒ අනුව වෘත්තීය සමිති නැවත තීරණය කර ඇත.
මෙම වෘත්තීය සමිති අරගලය සිදු කෙරෙන්නේ වසරකටත් වැඩි කාලයක් තිස්සේ විසඳුම් ඉල්ලා සිට එහෙත් මේ දක්වාත් විසඳුම් නොලැබුණු ගැටළු කිහිපයක් පාදක කර ගනිමින් බවද ඔවුන් දන්වා ඇත.

කෙසේ වෙතත් හලීම් ඇමතිවරයා පවසන්නේ
06/2006 චක්‍රලේඛය පිළිබඳ ගැටළුව හැර තැපැල් සේවකයන් මුහුණදෙන සෙසු ගැටළුවලට විසඳුම් ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇති බවකි. රටපුරා තැපැල් සේවා ඒ නිසා අද (22) බිඳ වැටෙනු ඇති.