බොලිවුඩ් නිළි ඊෂා ගුප්තාට එරෙහිව දිල්ලියේ වෙසෙන රෝහිත් විග් නමැති ව්‍යාපාරිකයෙකු විසින් ලිංගික අපචාර චෝදනා මත අපහාස පැමිණිල්ලක් ගොනු කර තිබේ. අයිපීසී හි 499 සහ 500 වගන්ති යටතේ මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර
අගෝස්තු 28 වනදා එරට අධිකරණය විසින් මෙම නඩුව විභාග කරනු ඇත.
ඔහුගේ ඉල්ලීම පරිදි ඊෂා නිසා තමාට සිදුවී ඇති මානසික වේදනාව සඳහා ප්‍රමාණවත් වන්දි ඉල්ලා ඇත. බොලිවුඩ් නිළි ඊෂා මේ මස මුලදී, සිය ට්විටර් ගිණුම ඔස්සේ ට්වීට් පණිවිඩ මාලාවකින් ඔහුට චෝදනා කර කියා තිබුනේ අවන්හලක සිටින අවස්ථාවක තමා වෙත පැමිණි මේ ව්‍යාපාරිකයා ඇයව අපහසුතාවයට පත් කළ බවය.
ඔහු මාව ඇස් වලින් දූෂණය කළා යනුවෙන් ඇය තැබූ එක් සටහනක දැක්විණ.
ඇගේ එම ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළ උපහාසයටද ලක්ව තිබුණි.
ව්‍යාපාරිකයා එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතරම බොලිවුඩ් නිළියගේ ලක්ෂ සංඛ්‍යාත රසිකයින් ගැවසෙන ට්විටර් ගිණුම මගින් තම ආත්මය විනාශ කර ඇතිය යන පදනම මත නඩුමගට එළැඹ ඇත.