රජයේ ලියාපදිංචි සියලුම ළමා නිවාසවල සිටින දරුවන්ට ළමා නිවාසය ආසන්නයේම පිහිටි ජාතීක පාසලට ඇතුළත් වීමේ අවස්ථාව සලසා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තීබේ.

එක්තරා ජනප්‍රිය පාසලක විදුහල්පතිනියක් පසුගියදා ළමා නිවාසයක දරුවන් කිහිපදෙනෙකු එම පාසලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ඇමැතිවරයාට තොරතුරු අනාවරණය වී ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

එම විදුහල්පතිනිය පවසා ඇත්තේ
ළමා නිවාසයේ දරුවන් සිය පාසලට ඇතුළත් කර ගැනීමෙන් පාසලේ සහ තමාගේ  කීර්තිනාමයට හානියක් වන බවය.

දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට 2015 වසරේ සිට විවිධ ප්‍රගතිශීලී වැඩසටහන් ක්‍රියාත්මක කර තිබියදී මවුපියන් අහිමි දරුවන්ට වෙන්කොට සැලකීම දැඩි ලෙස හෙළා දකින බව ද අධ්‍යාපන ඇමැතිවරයා කීය.

අධ්‍යාපනයට හිතැති සියලුදෙනා කළ යුත්තේ දරුවන්ට අධ්‍යපනයෙන් ජීවිතය ජය ගැනීමට අවස්ථා විවර කර දීම යැයි ද අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

මවුපියන් අහිමි දරුවන්ට වෙනස්කොට සැලකීම දැඩි ලෙස හෙළා දකින බව ද අධ්‍යාපන ඇමැතිවරයා කීය.

අධ්‍යාපනයට හිතැති සියලුදෙනා කළ යුත්තේ දරුවන්ට අධ්‍යපනයෙන් ජීවිතය ජය ගැනීමට අවස්ථා විවර කර දීම යැයි ද අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.


(රංජන් කස්තුරි)