මඩකළපුව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු සතුව තිබූ රාජකාරී ගිනි අවියක් පුදුර් ප්‍රදේශයේදි ඊයේ (04දා) පෙරවරු 11ට පමණ පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය
කියයි. රථ
වාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු පුදුර් ප්‍රදේශයේ රථ වාහන නඩු ලබාගැනීමේදි පැමිණි යතුරුපැදියක් නවතා පරික්ෂා කිරිමේදි එහි ආදායම් බලපත්‍ර නොතිබූ බවට හෙළිවීමෙන් පසු එම යතුරුපැදිය හා හිමිකරු පොලිසිය වෙත රැගෙන ඒමේදී යතුරුපැදිවලින් පැමිණි පිරිසක් හා එම ප්‍රදේශයේ පිරිසක් පැමිණ පොලිස් නිලධාරින් දෙදෙනාට පහරදි ගිනි අවිය පැහැරගෙන පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

පහරකෑ පොලිස් නිලධාරින් දෙදෙනා මඩකළපුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. ගිනි අවිය පැහැරගත් හා පොලිස් නිලධාරින්ට පහරදුන් පුද්ගලයා සොයා විමර්ශන ක්‍රියාත්මක බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.

-එම්.සී.පෙරේරා-