https://www.gossiplankanews.com/2019/07/no-confidence-missing.html
නතා විමුක්ති පෙරමුණ ගෙනඑනු ලැබූ විශ්වාස භංග යෝජනාවෙන් ආණ්ඩුව වැඩි ජන්ද 27 කින් ජයගත්තා.
යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද
සංඛ්‍යාව 119ක්.
දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ජන්දය භාවිතා කළා.
විශ්වාසභංග යෝජනාව පිලිබඳව

පැවති ඡන්ද විමසීමේ අවස්ථාවේදී මන්ත්‍රීවරු 13 දෙනෙකු එම අවස්ථාව මගහැර ගොස් තිබිණි.
ඒ අතර මහින්ද පිලේ ඉදිරියෙන්ම සිටින මන්ත්‍රීවරයෙකු වන උදය ගම්මන්පිල මහතාද සිටින අතර පසුගිය දිනවල ආණ්ඩුවේ තීන්දු තීරණ දැඩි ලෙස විවෙචනය කළ වත්මන් ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා ලෙස සිට එම ඇමති ධුරය පවා අහිමි වූ විජේදාස රාජපක්ෂ මහතා සිටිති.
ඊට අමතරව මෛත්‍රීපිලේ මන්ත්‍රීවරයෙකු වන දුමින්ද දිසානායක මහතාද ඒසේ අද පාර්ලිමේන්තුව මගහැර ගොස් සිටි මන්ත්‍රීවරු අතර සිටියි.
ඊට අමතරව මහින්ද පිල නියෝජනය කරන ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද, ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂයේ චන්ද්‍රසිරි ගජධීර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එස්. සී. මුතුකුමාරණ යන මන්ත්‍රීවරුද එක්සත් ජාතික පක්ෂයේ සිට මහින්ද පිලට එකතු වූ අශෝක ප්‍රියන්ත, දුනේෂ් ගන්කන්ද, එස්.බී.නාවින්න, මොහාන් ලාල් ග්‍රේරු යන මන්ත්‍රීවරුද ඒ අතර සිටිති.
ඊට අමතරව මෛත්‍රී පිලේ මන්ත්‍රී මහින්ද සමරසිංහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රාදා ක්‍රිෂ්ණන් සහ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් යන මන්ත්‍රීවරුද සිටිති.