"අනුන්ගෙන් සල්ලි අරගෙන නැතිබැරී  මිනිසුන්ට දිලා. බඩගින්නට පිළියමක් සොයමින් සිටියදී, ඊට විරුද්ධ වූ දෙදෙනකු මගේ මහත්තයා මරන්න ආවා. මහත්තයා ඒ අය මැරුවා. ඒ වරදට සිරිපාල එදා එල්ලුම් ගහට නියම
වුණා. අද එක කුඩු මුදලාලි කෙනෙකුගේන් තරුණයන්ගේ ජීවිත දහස් ගණනක්  විනාශ වෙනවා. ඒ නිසා එල්ලුම්ගහ නම් ක්‍රියාත්මක විය යුතු බව" අවසන් වරට එල්ලුම්ගහට නියම වූ දෙද්දූව ජයතුංගලාගේ සිරිපාල නොහොත් මරුසිරාගේ බිරිය වන ඩී.ආර්. රංමැණිකා  පවසන්නීය.

මරුසිරාගේ බිරිය වින අංක 150, ජයන්ති ග්‍රාමය, සාලියපුර පදිංචි රංමැණිකා මෙසේද පැවසුවාය.
අද මේ රටේ ඉන්න ජනතාවගෙන් බොහෝ දෙනකු මත්කුඩු ජාවාරමට සම්බන්ධ වෙලයි ඉන්නේ. එක් මත් කුඩු කිලෝ එකකින් තරුණයන්ගේ ජීවිත දහස් ගණනක් විනාශ කළ හැකියි. එක කුඩු මුදලාලි කෙනෙක් අත්අඩංගුවට ගත් විට ඔහු සතුව කුඩු කිලෝ දෙතුන් සියයක් තිබෙනවා. එයින් සිදුවන හානිය
හිතාගන්නවත් බෑ.

අද මත්කුඩු මුදලාලිලා සිය ගණනාවකට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදීලයි තියෙන්නේ . මේ අයගෙන් සිදුවූ හානිය මෙපමණයි කියලා කියන්න පුළුවන්වන්නේ කාටද? එහෙනම් එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සුදුසු බවයි මගේ හැගීම. මේ ගැනත් හිතල බලන්න. එදා මගේ මහත්තයා වන දෙද්දූව ජයතුංගලාගේ සිරිපාල නොහොත් මරුසිරා යන අය දිවිත්ව මනුෂ්‍ය ඝාතනයක් සඳහා 1975 අගෝස්තු මාසයේ 05 වෙනි දින බෝගම්බරදී එල්ලා මැරීමට තීරණය කළා.

එදා ඉඳලා මේ දක්වා පත්තර වලට තොරතුරු සපයමින් මම කියා සිටියේ සල්ලි තියෙන මිනිසුන්ගෙන් සල්ලි ලබාගෙන නැති බැරි මිනිසුන්ට දුන්න නිසා ඊට විරුද්ධ වූ දෙදෙනෙකු සිරිපාල මරන්න ආ බවයි. ඒ දෙදෙනා ද මැරු බව ඇත්ත. ඊට දඩුම් ලෙස එල්ලුම්ගහ නියම වුණා. කමක් නෑ එවැනි වරදක් කළ සිද්ධිය පිළිබඳව චිත්‍රපටියක්ද බිහිවුණා. අද කුඩු මුදලාලිලා ගැන මොනවා ලියන්නද? මේ සිද්ධිය කොහොම වුණත් අද දූෂණයෙන්, භීෂණෙයෙන්, වංචාවේන් පිරිණු රටේ ඉන්න කුඩු මුදලාලිලා වෙනුවෙන් එල්ලලුම් ගහ ක්‍රියාත්මක කිරීම සුදුසු බව මම ඕනෑ ම තැනක කියනවා.

-උපුල් හේරත්-