ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ විපක්ෂයේ අපේක්ෂකයා නම් කිරීමේ බලය තමන්ට දී ඇතැයිද  සියලූ ජාතීන්ට ආරක්ෂාව සැපයීය හැකි නායකයෙක්
ජනාධිපතිවරණය සදහා
ඉදිරිපත් කරන බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා  අද (10) බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි පක්ෂයේ  ප‍්‍රධාන කාර්යාලයේ පැවැති රැස්වීමක් අමතමින් පවසා තිබේ.
පාර්ලිමේන්තුව හා පළාත් සභාව නියෝජනය කළ හිටපු මන්ත්‍රීරවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවැති අතර බැසිල් රාජපක්ෂ මහතා, සභාපති ජී. එල්. පීරිස්  හා කරුණා අම්මාන්ද සහභාගී වීම විශේෂිත විය.

රටේ විනය පිරිහී ඇති මේ අවස්ථාවේ විනය ගරුක රටක් බිහිකරමින් ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි, සියලූ ජාතීන්ට ආරක්ෂාව සැපයීය හැකි නායකයෙක් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන බවද  ආණ්ඩුව සිතාමතාම ජාතික ආගමික වශයෙන් බෙදීමක් ඇති කිරීම සදහා පියවර ගනිමින් තිබෙන බැවින් එයට ඉඩ නොදෙන බවද කීය.
මේ වනවිට වඩාත් කතාබහට ලක්ව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ හෝ චමල් රාජපක්ෂ පොහොට්ටු ජනපති අපේක්ෂකයා වනු ඇති බවය.  තමා ජනපති වුවහොත් මුස්ලිම් අන්තවාදය අතුගා දමන බවට ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය අමතා ප්‍රතිඥාවක් දී තිබේ.