ඒකාබද්ධ රැකියා විරහිත
උපාධිධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් අද(29)
කොළඹ කොටුව ලෝටස් පාර වසා ඇති බව පොලිසිය කියයි.
විරෝධතාකරුවෝ  ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කරමින් සිටිති.
පොලිස් කැරලි මර්දන කණ්ඩායම්, අධි පීඩන ජල ප‍්‍රහාරක රථ එම ස්ථානයට කැඳවා තිබූ අතර රැකියා විරහිත උපාධිධාරීන් කොළඹ ලෝටස් වටරවුමේදී පවත්වන විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේ ය.
මේ වන විට ඒ අවට ප්‍රදේශයේ රථ වාහන තදබදයක් ද පවතියි.