https://www.gossiplankanews.com/2019/07/kosgoda-tharaka-mattegoda-van-robbery.html
තුරු පැදියකින් ගොස් මත්තේගොඩ කිරිගම්පමුණුවේ දී පෙරේදා (29) රාත්‍රියේ වෑන් රථයක් කොල්ල කා එම වෑන් රථය ද සමග පලායන අවස්ථාවේ පානදුර පින්වත්ත ප්‍රදේශයේ දී හමුදාව සිදුකළ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය කොල්ලකරු
කොස්ගොඩ තාරක නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණස්කර මහතා පැවසීය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ බලංගොඩ මෙගොඩ කිරිදියගල පදිංචි කෝදාගොඩගේ ප්‍රියන්ත (47) හෙවත් "ඔවුටා" නැමත්තා බවත් මොහු කොස්ගොඩ තාරක නැමැත්තා සමග එක්ව මිරිහාන ප්‍රදේශයේ බැංකු කොල්ලයක් ඇතුළු අපරාධ රැසක් සිදුකර ඇති පුද්ගලයෙකු බවද රුවන් ගුණස්කර මහතා කියා සිටියේය.

මෙම වෙඩි තැබීමත් තුවාල ලබා සිටි සෙසු සැකකරු උඩුගම්පොල අස්ගිරිවල්පොල පදිංචි ජයසිංහ ආරච්චිලාගේ

සලුජ නිකෝ ශාන්ත (37) නමැත්තා බවත් ඔහු පොලිස් ආරක්ෂාව යටතේ පානදුර රෝහල් තවදුරටත් ප්‍රතිකාර ලබන බවත් රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

වාද්දුව මාර්ග බාධකයේදී හමුදා සෙබළුන් මෙම වෑන් රථය නැවැත්වීමට උත්සාහ කිරිමේදී එම මාර්ග බාධකය හමුදා සෙබළුන් මෙම වෑන් රථය ඉදිරියට ධාවනය කරවීම හේතුවෙන් වෑන් රථයේ ගැටී හමුදා සෙබළුන් දෙදෙනකු තුවාල ලබා පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවද රුවන් ගුණසේකර මහතා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේ පොලිස් මූලස්ථානය රියේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙම සැකකරුවන් දෙදෙනා පෙරේදා (29) රාත්‍රි 7.30 පමණ යතුරුපැදියෙන් මත්තේගොඩ කිරිගමුණුව ප්‍රදේශයට පැමිණ මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් නවතා එහි රියදුරුව ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් හිසට එල්ල කර වෑන් රථය කොල්ලකා පළාගොස් ඇති බව ද රුවන්  ගුණසේකර මහතා පැවැසීය.

 එම වෑන් රථයේ රියැදුරු වහාම සිද්ධිය කහතුඩුව  පොලිසියට දන්වා කොල්ලකරුවන් ගමන්ගත් වෑන් රථයේ ප්‍රදේශ හදුනාගත හැකි ජී.පී.එස්. තාක්ෂණ උපකරණයක්  කර ඇති බවට ද දැනුම් දී ඇත.

ජී.පී.එස්. තාක්ෂණය අනුව මෙම වෑන් රථය අඟුරුවාතොට දෙසට ගමන් ගන්නා බවට අනාවරණය කරගෙන කහතුඩුව පොලිසිය ඒ සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසියට දැනුම් දී ඇති බවද රුවන් ගුණසේකර මහතා පැවසීය.

අඟුරුවාතොට ප්‍රදේශයේ දී පොලිසිය මෙම වෑන් රථය නැවැත්වීමට අණ කළද එම අණනොතකා වෑන් රථය ධාවනය කරවීම හේතුවෙන් අඟුරුවාතොට පොලිසියේ පොලිස් නිලධාරිහු සිව් දෙනෙක් යතුරු පැදි දෙකකින් මෙම වෑන් රථය පසුපහ හබා ගොස් ඇති බවද හෙතෙම සඳහන් කළේය.


 මෙම වෑන් රථය කළුතර දෙසිත් ගාලු පාරේ කොළඹ දසට අවතීර්ණ වන බවට එහි සවිකර තිබූ ජී.පී.එස්. තාක්ෂණයෙන් පොලිසිය අනාවරණය කරගෙන ඒ සම්බන්ධයෙන් ඒ ආසන්නයේ පිහිටි වාද්දුව පොලිසියට දැනුම් දී ඇති අතර වාද්දුව පොලිසිය නගරයේ පිහිටි යුද හමුදා හා පොලිස් ඒකාබද්ධ මාර්ග බාධකයට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මාර්ග බාධකයේ සිටි යුද හමුදා නිලධාරින් කිහිප දෙනකු මෙම වෑන් රථය නැවැත්වීමට උත්සාහ කිරීමේදී වෑන් රථයේ ගමන් ගත් කොල්ලකරුවෝ වෑන් රථය යුද හමුදා සෙබළුන් දෙදෙනකුගේ ඇගේ හප්පාගෙන පලා යන අතරේ හමුදාව මුල්ම වෙඩි ප්‍රහාරය වෑන් රථය වෙත එල්ල කළ ද වෙඩි ප්‍රහාර හමුවේ වෑන් රථය කොළඹ දෙසට ගමන් ගෙන තිබූ බව ගුණසේකර මහතා පැවසීය.

වලාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් වැටලීමකට ගොස් කැබ් රථයකින් යළිත් එන අතරේ මාර්ගයේ අධික වේගයෙන් වෑන් රථයක් කැබ් රථය ඉස්සර කරන අන්දමත් එම වෑන් රථය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තවත් වෑන් රථයක ගැටුනද නොනවත්වා කොළඹ දෙසට ගමන් ගන්නා අයුරු ද නිරීක්ෂණ වී ඇති බවද ගුණස්කර මහතා සඳහන් කළේය.

වලාන ඒකකයේ පොලිස් නිලධාරීන් ගමන් ගත් කැබ් රථයඳ මෙම වෑන් රථය පසුපස හඹාගොස් ඇති බවත්, අඟුරුවාතොට පොලිස් නිලධාරීන් සිව්දෙනා ද මෙම වෑන් රථය පසුපස යතුරු පැදිවලින් හඹා යමින් සිට ඇති බවද ගුණසේකර මහතා කීය.

වෙඩි වැදුණු තුවාලකරුගේ තත්වය බරපතළ  හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන්  පසු එම කොල්ලකරු මියගොස් ඇත.

වෙඩි ප්‍රහාර හමුවේ පලාගිය සෙසු සැකකරු සොයා ප්‍රදේශයේ පැය දෙකක කාලයක් පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිංවත්ත ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ ලග කැලෑවක සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට පත්විය.

ඔහුගේ පාදයකට වෙඩි වැදී තුවාල සිදුවී ඇති අතර වාද්දුව මාර්ග බාධකය හමුදා සෙබළුන් හප්පා වෑන් රථය පලා යන අවස්ථාවේ හමුදාව සිදුකළ වෙඩි ප්‍රහාරයෙන් එම කොල්ලකරු තුවාල ලබා සිටි බව රුවන් ගුණස්කාර මහතා කියා සිටියේය.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (30) පැවැත්වීමට නියමිතව තිබුණි.

-ඉන්දිකා රාමනායක-