විදෙස් රටක් බලා පැන යෑමට තැත් කිරිමේදි ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නුවරඑළිය කඳවුරේ පුහුණුව
ලැබූ සෙයින් අන්සාර්,
මොහොමඩ් නමැත්තා කටුනායක ගුවන් තොටුපොළේද්දී අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ලද තොරතුරු මත පෙරේදා (3දා) අලුයමදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත. රැඳවුම් නියෝග මත සැකකරුගෙන් ප්‍රශ්න කෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

-චාමර අමරසුරිය-