https://www.gossiplankanews.com/2019/07/icc-ban-zimbabwe-cricket.html#more
හාම ක්‍රියාත්මක වන පරිදි අයිසීසීය සීම්බාබ්වේ පිලට ක්‍රිකට් තහනමක් පනවා ඇත. මෙයට හේතුවී ඇත්තේ සිම්බාබ්වේ ක්‍රිකට් සඳහා අනිසි රාජ්‍ය මැදිහත්වීමේ කාරණා ඔප්පුවීමයි.  ඊයේ (18දා) පැවති පාලක මණ්ඩලයේ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති අතර අයිසිසී සභාපති ෂසංක් මනෝහර් දන්වා ඇත්තේ
මෙම තහනම Article 2.4 (c) හා (d) අනුකූලව පැනවූ බවයි. පසුගිය කාලයේ සිම්බාබ්වේ රාජ්‍යය වෙනුවෙන් අයිසීසී ලබාදුන් මුදල් ගසාකෑම් වලට ලක්වූ බවත් ක්‍රීඩකයින්ගේ තේරීමේ සිට විවිධ තනතුරු ලබාදීම, තරගාවලී සංවිධානය,
විදෙස් සංචාර නියෝජනය ආදී සියලු කාරණා දේශපාලනය මත රඳා පැවති බවත් ඒ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රඳවා තබාගැනවීමට සිම්බාබ්වේ අසමත්වීම මත මෙම දඩුවම පනවන්නට සිදුවූ බව දක්වා ඇත. එම කටයුතු නිසි මගට හරවාගන්නට හැකි බව ඔවුන් ඉදිරි කාලයේ ඔප්පු කළොත් තහනම ඉවත් කළ හැකි බවත් දන්වා ඇත.


මෙම තහනම නිසා අයි.සී.සී. ය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් වෙනුවෙන් ලබා දෙන අරමුදල් නවතා ඇති අතර අයි.සී.සී. ය සංවිධානය කරන කිසිදු තරගයකට සහභාගි වීමට සිම්බාබ්වේට හැකියාවක් නොලැබෙනු ඇත. ආසන්න වශයෙන් ලබන අගොස්තුවේ පවත්වන විස්සයි20 කාන්තා තරගාවලියට මෙන්ම ඔක්තෝබරයේ විස්සයි20 පිරිමි ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් තරග සඳහා සිම්බාබ්වේට සම්බන්ධ වීමට නොහැකි වනු ඇත.

දීර්ඝ කාලීන දේශපාලන අර්බුදයක හා ආර්ථික ගැටලුවල ගිලී සිටින සිම්බාබ්වේ රාජ්‍යයේ බොහෝ අංශ මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවද ඉතා දුර්වල මට්ටමකට පසුගිය කාලයේ ඇද වැටී තිබූ අතර ඔවුනට 2019 ලෝක කුසලානය නියෝජනය කරන්නටද හැකිවූයේ නැත.

ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක මට්ටම ඉහළ නංවාලීම වෙනුවෙන් මේ ආකාර තීරණ ලබාගැනීමට අයිසීසීය වරින්වර කටයුතු කර තිබෙන අතර මින් ඉහත 2015 ජුනි සිට 2019 ජනවාරි තෙක් නේපාලයේ ක්‍රිකට් සම්බන්ධයෙන්ද අයිසීසීය තහනමක් පනවා තිබුණි. දේශපාලනය ක්‍රිකට් පරිපාලනයට මැදිහත්වීමේ චෝදනා මත ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතද 2015 දී අයිසීසීය අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබූ අතර එය තහනමක් දක්වා ගමන් කිරීමට පෙර බේරාගන්නට මෙරට බලධාරීන් ක්‍රියා කර තිබුණි.