https://www.gossiplankanews.com/2019/07/harin-fernando-speaks.html
එංගලන්තයේ පැවත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් මුල්වටයේ තරග වලට සහභාගීවීමෙන් පසු යළිත් සියරට බලා පැමිණෙන්නට සිදුවූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී විශාල වෙනස්කම් වලට ලක් කරන බව ඇමති හරීන් ප්‍රනාන්දු දන්වා තිබේ. ඔහු ඒ සම්බන්ධයෙන් කර තිබෙන විස්තරය පහත පරිදිය.
    “ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු තමයි මමත් බලා හිටියේ.
දැන් කණ්ඩායම් වෙනස්කම් කරන්න හොඳම වෙලාවයි. නමුත් මම ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගහන්න යන්නෙ නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා ඇමතිවරයාටවත් ඇඟිලි ගහන්න බැරි ස්ථිර මෙහෙයුම් කමිටුවක් පත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.
සංගක්කාර,

මහේල වගේ මේ රටේ ඉහළින්ම පිළිගත් ක්‍රිකට් ප්‍රවීනයන් මේ කමිටුවේ තියන්න මම තවදුරටත් බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ දැන් ඉන්න පුහුණුකරුවන් වගේම උපදේශකයන් බහුතරයකට ලෝක කුසලානෙන් පස්සේ ඉවත් වෙන්න සිදුවේවි. විශේෂයෙන්ම දැන් කණ්ඩායමේ ඉන්න පන්දු යවන්නන්ගේ පුහුණුකරුගේත් පිතිකරුවන්ගේ පුහුණු කරුගේත් සේවය තවදුරටත් දීර්ඝ කරන්න අප බලාපොරොත්තු වෙන්නේ නෑ.

    ප්‍රධාන පුහුණුකරු ඉවත් වෙන්න සූදානම් නැතිනම් අපිට බලෙන් ඔහු ඉවත් කරන්නත් බෑ. හැබැයි අපිට එහෙම උනොත් අනිවාර්යයෙන්ම ඔහුට ඉහළින් තවත් පුහුණුකරුවෙකු වන උපදේශකවරයකු පත් කරන්න සිද්ධ වෙනවා.

    මා හිතනවා ලෝක කුසලාන තරග අවසානයත් එක්ක අසංක ගුරුසිංහ මහතාගේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සේවයත් අවසන් කරන්න.

    ලෝක කුසලාන තරගාවලියේදී අපි අවනම්බු සහගත පරාජයක් ලැබුවා කියලා මා හිතන්නෙ නෑ. අපි ගොඩක්ම පසුබෑමක් ලබාගත් කණ්ඩායමක් කියලා කියද්දීත් තරග තුනක් දිනා ගත්තා. ඒ වගේම කණ්ඩායමට හොඳ නායකයෙක් හඳුනා ගත්තා. අවිශ්ක ප්‍රනාන්දු වගේ හොඳ ක්‍රීඩකයන් කීපදෙනෙකුත් හොයා ගත්තා.”