සිනමා ශාලා සඳහා චිත්‍රපට අනුපෙළගැස්වීම, චිත‍්‍රපට ප්‍රදර්ශනය සදහා චිත්‍රපට බෙදාහැරිමේදී ලැබෙන
ආදායම එක්රැස් කිරීම ඇතුළු
චිත්‍රපට බෙදාහැරීම පිළිබද සියලුම කාර්යන්ට අදාළ ක්‍රමවේදය ප්‍රසිද්ධියට පත් කර ඇතැයි ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

2019 ජුනි මස 18 වැනිදා සිට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක අතර එකී ක්‍රමවේදය www.nfc.gov.lk/news.php වෙබ් අඩවියෙන් බාගත හැකි බව සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය. 1980 අංක 45 දරන පනතින් සංශෝධිත 1971 අංක 47 දරන ජාතික චිත්‍රපට සංස්ථා පනත්තේ විධිවිධාන මත ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව අනුගමනය  කරන චිත්‍රපට බෙදාහැරිම හා ප්‍රදර්ශන ක්‍රමවේදය  ප්‍රසිද්ධියට පත් කර ඇත.

-සුමන උදයන්ත-