විදුලිය සැර වද්දවා සැමියා ඝාතනය කිරිමට උත්සාහ දැරූ බව කියන බිරිය සහ ඇයගේ අනියම් සැමියා බවට පැවසෙන  පුද්ගලයා ද සැකපිට අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය කියයි.

විදුලිය සැර වැදුණු පුද්ගලයා උතුරු
කොළඹ (රාගම) ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ද කඩවත පොලිසියේ නිලධාරියෙක් පැවැසිය.
ඔහුගේ සිරුරේ පිළිස්සුම් තුවාලයක් ද දක්නට තිඛෙන බව පොලිසිය කියයි. මෙම පුද්ගලයා රාත්‍රියේ පුටුවක වාඩි වී රූපවාහිනිය නරඹමින් සිට ඇත.
ඒ අවස්ථාවේ සැකකරු තුවාල ලද අයගේ බිරිය සමග පැමිණ විදුලිය සැර වදවා ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.
නිවෙසේ සවිකර තිබූ ප්ලග් පොයින්ට් එකකට වයරයක් සම්බන්ධ කර එයින් විදුලිය සැර වද්දවා ඇති බව පරික්ෂණවලින් හෙළිවී යැයි පොලිසිය පවසයි.

විදුලිය සැර වැද්දවීමෙන් ඔහු මියයන්නේ නම් පසුව කාන්තාව සමග විවාහ වීමට මේ කියන පුද්ගලයා බලාපොරොත්තු වී ඇති බව ද ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බව පොලිසිය කියයි.

-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-