https://www.gossiplankanews.com/2019/07/docyor-shafie-released-on-bail.html#more
ක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි  තුන්වන දිනයට අද (25) අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු අවස්ථා 2 කදී සලකා බැලීමෙන් පසු
ඇප මත නිදහස් කිරිමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.
අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා ඔහුට නැගී තිබුණි.
වෛද්‍ය ෂාෆි අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වූ පරික්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංක 03 අංශයට යොමු කර ඇති බව සඳහන් කළ නියෝජ්‍ය ‍සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් තහවුරු කිරීමට කරුණු නොමැති බවයි.
විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා කියා සිටියේ වෛද්‍ය ෂාෆි

සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී එය තනිව සිදුනොකළ බවත්, ඒ හේතුවෙන් ඔහු පමණක් සිරගත කර සිටීම අසාධාරණයක් බවයි.

ඒ අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරුන්ට කියා සිටියේ මව්වරුන් මෙම නඩු විභාගය සඳහා සහභාගී වීම අවශ්‍ය නොවන බවත්, මව්වරුන්ගේ පැලෝපීය නාලය කපා ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙසයි.
ඊට ප්‍රතිචාර දක්වමින් අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා කියා සිටියේ විත්තියේ නීතීඥවරයා විසින් මව් පදවියට අවමන් වන පරිදි අදහස් දක්වන බවයි.

විත්තිකරු රඳවා තබාගැනීම සම්බන්ධයෙන් කරුනු පැහැදිලි කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මේ වනවිට විත්තිකාර වෛද්‍ය ෂාෆි දැඩි තුවාල සිදුකිරීමේ වරද යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 311 වන වගන්තිය ප්‍රකාරව රඳවාගෙන සිටින අතර මේ වනවිට වෛද්‍ය ෂාෆිට එරෙහිව වඳභාවය සිදු කළා යන්න තහවුරු කිරීමට තරම් සාක්ෂි පැමිණිලි පාර්ශ්වය කරුණු තහවුරු කර තිබුනේ නැති නිසා ඇප ලබාදිය හැකි බැවින් විත්තිකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධයක් නොමැති බවයි.

ඒ අනුව රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 ක ශරීර ඇප 4ක් මත ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.
නඩු විභාගය ඉදිරියටත් පවත්වනු ඇත.