ග්‍රාම ආරක්ෂක නිලධාරීන් තම නිවසේ සේවයට යොදවා ගත් බවට චෝදනා එල්ලවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට වසර 3 ක අත්හිටවූ සිර දඩුවම් නියම කර ඇප මත නිදහස් කිරීම අද සිදුවිය.

2007 වසරේදී මාතලේ
කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ සේවය සදහා ග්‍රාම ආරක්ෂක නිලධාරීන් යොදවා ගත් බවට හෙක්ටර් ධර්මසිරි මහතාට විරුද්ධව එල්ලවූ චෝදනාවයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාව විසින් මෙම නඩුව පවරා තිබූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද දිනයේ එහි තීන්දුව ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ සැකකරු චෝදනා 6 කට වරදකරු කරන බවයි.

ඒ අනුව එම චෝදනා 6 ට වෙන් වෙන්ව වසර බැගින් අත්හිටවූ ලිහිල් සිර දඩුවම් නියම කල අතර එම සිර දඩුවම් වසර 3 කින් ගෙවී යන ලෙස ලබාදීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
පසුව අධිකරණය විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට රුපියල් ලක්ෂ 3ක ශරීර ඇප මත මුදාහැර තිබේ.