වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු එකාබද්ධ වෘත්තිය සමිති පසුගිය දා අත්සන් කල දෛනික මුලික වැටුප රු 750 ට අමතරව
රජය මගින් වතු කම්කරුවෙකුට දිනකට රු 50 වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වැටුප ලබාදෙන ලෙස බලකරමින් ජනතා විමුක්ති පෙරමුණටඅනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමය මගින් (12) දින හැටන් නගර මධ්‍යයේ පුංචි බෝධිය අසලදි ජනතා පෙත්සමකට අත්සන් ලබා ගැනිමක් සිදු කළා.

හැටන් නගරයේ පුංචි බොධිය අසලට එක් වු සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ් සහ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ජේ.එම්.ඒ ප්‍රේමරත්න යන මහතුන් සහ එම පක්ෂයේ සමාජිකයන් ව දැනුවත් කර ජනතා පෙත්සමට අත්සන් ලබා ගැනිම සිදු කරනු ලැබුවා.
එම පක්ෂයේ ලේකම් ජේ.එම්.ඒ ප්‍රේමරත්න මහතා කියා සිටියේ ඉකුත් මැයි මාසයේ සිට වතු කම්කරුවන්ට රජය මගින් පොරොන්දු වු වැටුප ලබා දිය යුතු බවත්, සමස්ත වතුකරයම සහ දිවයින පුරා ජනතාව දැනුවත් කර ජනතා පෙත්සමට අත්සන් ලබාගෙන එම ජනතා පෙත්සම රජයට ලබා දි අදාල මුදල ලබාදෙන ලෙස
බලකරන බවයි.
සමස්තලංකා වතු කම්කරු සංගමය මගින් සංවිධානය කල ජනතා පෙත්සමට අත්සන් ලබාගැනිමේ වැඩසටහනට හැටන් ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගි විය.

නොර්වුඩ් නිටා පත්ම කුමාරි