එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහ  ගම්පෙරළිය වැඩසටහන්වල ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පෞද්ගලික ප්‍රචාරක සමාගමකට රුපියල් කෝටි 40ක පමණ (රුපියල් මිලියන 402.5) මුදලක් ගෙවීම සඳහා මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුවේ ප්‍රමුඛතම
වැඩසටහන් දෙකක් වන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සහ ගම්පෙරළිය වැඩසටහන මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කෙරේ.

එම වැඩසටහන්වල සියලුම ප්‍රචාරක කටයුතු එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පෞද්ගලික දැන්වීම් ප්‍රචාරක සමාගමක් මගින් සිදුකෙරේ. අදාළ සමාගම කැබිනට් මණ්ඩල අනුමැතිය මත තෝරා ගෙන ඇතැයි දැනගන්නට තිබේ.

ඒ අනුව, එම පෞද්ගලික දැන්වීම් ප්‍රචාරක සමාගමට ගෙවීම සඳහා මෙම කෝටි 40ක පමණ මුදල වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත.

-අජන්ත කුමාර අගලකඩ-