නොවැළැක්විය හැකි හේතුවක් මත ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය
අවලංගු කර ඇති බව නිවේදනයක්
නිකුත් කරමින් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එළඹෙන 24 වැනිදා සිට 30 වැනිදා අතර කාලය තුළදී සැලසුම් කර තිබූ ආසියානු සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේද සංචාරය කිරීමට නියමිතව තිබිණි.

එහෙත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමග ජපානයේ ජී20 සමුළුවට සහභාගී වීම සඳහා යෑමට සිදු වී ඇති බැවින් පෙර සැලසුම් කර තිබූ සංචාරය අවලංගු කිරීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

-තියේෂා ද සිල්වා-