https://www.gossiplankanews.com/2019/06/syria-irac-connection.html
ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර සංවිධානය කර තිබුණේ කලින් සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මකවූ අයි එස් සටන්කාමීන් විසිනැයි රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් යුරි කොකොව් එම මණ්ඩලයේ 10 වැනි ජාත්‍යන්තර සමුළුව අමතා ප්‍රකාශ කර ඇතැයි ටාස් ප්‍රවෘත්ති සේවය ඊයේ (20) වාරිතා කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම්වරයා
සඳහන් කර ඇත්තේ පොලිසිය ජිහාඩ් ව්‍යාවාදයේ දේශීය ආධාරකරුවන් විසින් අයි එස්

විදේශීය සැලසුම් අනුව මෙම ප්‍රහාර සූදානම් කර ඇති බව විශේෂඥයන් නිගමනය කර ඇති බවය. මෙම සැලසුම් ක්‍රියාත්මක කරමින්. බෝම්බ පුපුරුවා හැර ඇත්තේ සිරියාවේ සහ ඉරාකයේ අයි එස් සාමාජිකයන්ට එක්වී සටන් වැදීමෙන් පසුව ආපසු ශ්‍රී ලංකාවට පැමිණි දේශීය රැඩිකල් කණ්ඩායමක සාමාජිකයන් විසින් බවද ඔහු කීය.

මේ වනවිට අයි එස් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල ප්‍රධාන මධ්‍යස්ථානය වී ඇත්තේ මැද පෙරදිග සහ අප්‍රිකාවත්, දකුණු සහ ගිනිකොණ දිග ආසියාවත් බව රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම්වරයා පෙන්වා දී ඇත.  මෙම ත්‍රස්ත තර්ජන යුරෝපා සංගමයට අයත් රටවලටද බලපා ඇති බවත් නෙදර්ලන්තය, නෝර්වේ, ස්පාඤ්ඤය සහ ප්‍රංශය යන රටවල මේ වන විටත් ත්‍රස්ත ප්‍රහාර කිහිපයක් සිදුකර ඇති බවත් රුසියානු ආරක්ෂක මණ්ඩල නියෝජ්‍ය ලේකම්වරයා කීය.

ඉදිරියේදී යුරෝපයට ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ත්‍රස්ත නායකයින් ප්‍රකාශ කර ඇති බවත් රුසියානු ආරක්ෂක මණ්ඩල නියෝජ්‍ය ලේල්කම්වරයා කීය.
ඉදිරියේදීත් යුරෝපයට ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ත්‍රස්ත නායකයින් ප්‍රකාශ කර ඇති බවද ඔහු කීය.
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ දේවස්ථානවලට සහ හෝටල්වලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් 250ක් පමණ මියගිය බවත් මෙම බෝම්බකරුවන් ශ්‍රී ලාංකිකයන් බව බලධාරීන් තහවුරු කර ඇති බවත් ටෝස් වාර්තාවේ සඳහන් වේ.
තිලිණි ද සිල්වා