https://www.gossiplankanews.com/2019/06/sri-lanka-beat-englend-.html

අද (21) එංගලන්තයේ ලීඩ්ස්හි පැවති ලෝක කුසලාන පළමු වටයේ සත්කාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තරගයෙන් ශ්‍රී ලංකා පිල අනභිබවනීය ජයග්‍රහණයක් වාර්තා කළා.

මුලින් පන්දුවට පහරදී ශ්‍රී ලංකා පිල ඕවර 50 කදී කඩුළු 9 කට 232 ක් ලබාගත් අතර 233 ඉලක්කය පසුකර යාමට නොහැකිව

එංගලන්තයට ලබාගත හැකිවූයේ 212 පමණි.
ශ්‍රී ලංකා පිතිකරණයේදී මුලදී කඩුළු වැටී අවදානමට ලක්වූ අවස්ථාවේ අවිෂ්ක ප්‍රනාන්දු  ලබාගත් වේගවත් 49 ක ඉනිමත්, කුසල් මෙන්ඩිස්ගේ 46ත් ඇන්ජලෝ මැතිව්ස් අද සාර්ථක වෙමින් නොදැවී ලබාගත් 85 ත් නිසා ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයකට යා හැකි විය.
කෙසේ වෙතත් මාලිංගගේ පන්දු හමුවේ එංගලන්තයේ මුල් පෙළද අවදානමට ලක්වූ අතර ඔහු කඩුළු 4 ක් ලබා අද දස්කම් දැක්වීය.
ධනංජයගේ කඩුළු 3 ඉසුරු උදානගේ කඩුළු 2 හා නුවන් ප්‍රදීප්ගේ අවසාන වටිනා කඩුල්ල ගැනීම මෙම ජයග්‍රහණයට හේතු විය.
තරගයේ වීරයා වූයේ ලසිත් මාලිංගයි
එංගලන්තයේදීම එංගලන්ත පිල පරාජයට පත්කිරීමට හැකිවීම ශ්‍රී ලංකාව වෙත නැවත ක්‍රිකට් ලෝක අවධානය යොමුවීමට හේතුවක් විය.