කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වෙමින් පැවති
ලංගම බස් රථයක
ඉදිරිපස දොර අසළ පාපුවරුව කඩාගෙන වැටී එහි සිටි බස් රථයේ කොන්දොස්තරවරයා සහ මගියෙකු මියයාමේ අවාසනාවන්ත සිද්ධියක් ඊයේ (9) වාර්තාවී තිබේ.
බස් රථයේ තත්ව පරීක්ෂාවන් හරිහැටි නොකිරීම නිසා මෙම අනපේක්ෂිත අනතුර වාර්තාවී ඇත. බස් රථය පහළ කඩුගන්නාවේ වංගුවකින් ගමන් කරද්දී මෙම අනතුර වාර්තාවී ඇත.
බස් රථයේ කොන්දොස්තරවරයා සමන්තුරේ පදිංචිකරුවෙකු වන අතර මියගිය මගියා මොළගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට පත්ව ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.