ඊයේ (9) ඕවල් ක්‍රීඩා පිටියේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් පළමු
වටයේ තරගයකදී

ඕස්ට්‍රේලියනු පිල පරදවා ඉන්දියාව ජයග්‍රහණය කළේය.
මුලින් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුළු 5 කට 352 ක් රැස් කළ අතර ඕස්ට්‍රේලියාව අවසාන පන්දුව දක්වා ක්‍රීඩා කළත් ඕවර 50 තුළ කඩුළු සියල්ල දැවී රැස්කරගත හැකිවූයේ 316 පමණි.
ඕස්ට්‍රේලියානු පිලේ පසු පෙළ අසාර්ථකවීම නිසා ඉලක්කය සපුරාගත නොහැකි විය.
තරගයේ වීරයා වූයේ 117 ක් රැස් කරගත් ඉන්දීය පිලේ ෂිකර් ධවාන්ය.