ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එංගලන්තයට එරෙහි තරඟයේ දී විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබාගත් ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සුභපැතුම් එක්කර තිබෙනවා.

ඒ ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුම්වල විශේෂ සටහනක් තබමින්. සත්කාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 20 කින් පරාජයට පත්කර තියුණු ජයග‍්‍රහණයක් වාර්තා කිරිමට ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායම ඊයේ සමත් වුණා. තරඟකාරි කි‍්‍රඩා විලාසයක් පෙන්වමින් ශ්‍රී‍්‍ර ලංකාවට ජයග‍්‍රහණය ගෙනදුන් දිමුත්
කරුණාරත්න ප‍්‍රමුඛ කි‍්‍රකට් කන්ඩායමට තම උණුසුම් සුභපැතුම් එක්කරන බවයි ජනාධිපතිතුමා සිය ට්විටර් පණිවුඩයෙන් සදහන් කළේ.

එංගලන්ත කන්ඩායම හමුවේ විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබාගත් ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් කන්ඩායමට උණුසුම් සුභපැතුම් එක්කරන බව අග‍්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පනිවිඩයෙන් ප‍්‍රකාශ කළේ. ශ්‍රී‍්‍ර ලංකා පිලේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ එංගලන්ත පිල ලකුණු 212කට සීමා කිරිම ජාත්‍යන්තර කි‍්‍රකට් විස්තර විචාරකයන්ගේ ද ඇගයිමට ලක්වුණා.

ශ්‍රී‍්‍ර ලංකාවේ මෙම ජයග‍්‍රහණය වුන් හදුන්වාදි ඇත්තේ මෙවර ලෝක කුසලාන තරඟාවලියේ විශේෂිතම පෙරළිය බවයි. ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායමේ ජයග‍්‍රහණය පිළිබදව සමාජ ජාල ඕසසේ මේ වනවිටත් බොහෝ ප‍්‍රතිචාර පළවෙමින් තිබෙනවා. 2014 දි ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ පුහුණුකරු ලෙස කටයුතු කළ පෝල් ෆාබේ‍්‍රස් ද සුභපැතුම් එක්කළ පිරිසට ඇතුලත්. ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායම යනු ආත්ම විශ්වාසය මත ඉදිරියට යන කණ්ඩායමක් බවයි ඔහු සදහන් කළේ.