https://www.gossiplankanews.com/2019/06/president-cabinet-not-held.html#more
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කර ඇති තුළ හෙළිදරව් වන කරුණු නිසා තමන්ගේ නාමයට හානිවීම පදනම් කරගෙන එම කාරක සභාව සම්බන්ධයෙන් බරපතල විවේචනයක් සිදුකළ ජනපතිවරයා පසුගිය 08 වැනිදා
රාත්‍රියේ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක්

කැඳවා තවදුරටත් එහි කටයුතු තමා ඉලක්ක කරගෙන පවත්වා ගෙන ගියහොත් කැබිනට් මණ්ඩල රැස්වීම් වලට සහභාගී නොවන බව දැනුම් දී තිබිණ.

එකී කාරක සභාවේ කටයුතු අපක්ෂපාතී බවට පැහැදිලි කරමින් අගමැතිවරයා දැක්වූ හේතු ඔහු පිලිනොගත් අතර රජයේ නිලධාරීන්ට එහි පැමිණ සාක්ෂි සැපයීම නතර කළ හැකි බවද දන්වා තිබුනි.

මෙම කරුණු සම්බන්ධයෙන් කතානායකවරයා පසුගිය සතියේ පැහැදිලි කිරීමක් කරමින් රජයේ නිලධාරීන් සාක්ෂි වලට කැඳවී තිබියදී මගහැරිය නොහැකි බව නීති ප්‍රකාරය පැහැදිලි කළේය.

මේ අතර කැබිනට් රැස්වීම පැවැත්වීම ඇතුළු කාරණා කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (10) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතව තිබුනත් එය දින නියමයක් නැතිව කල් ගොස් ඇති අතර අද (11) කැබිනට් රැස්වීමද ඒ අනුව නොපවත්වනු ඇතැයි වාර්තා පළව තිබේ.

ජනපති විරෝධය නොතකා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද (11)ත් හෙට (12)ත් පවත්වන්නට නියමිතය.