https://www.gossiplankanews.com/2019/06/peradeniya-cctv-issue.html
සුගිය අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව රටතුළ ඇතිවූ අනාරක්ෂිත වාතාවරණය තුළ විවිධ ස්ථානවල සීසීටීවී යන්ත්‍ර සවිකිරීමට විශාල උනන්දුවක් මතුවිය.
මේ හේතුවෙන් විශාල පිරිස් ගැවසෙන විශ්ව විද්‍යාල තුළ පරිපාලකයින්ටද එහි ආරක්ෂාව පිණිස
සීසීටීවී සවි කිරීමේ උවමනාව ඇති විය.

නමුත් සිය දේශපාලනික හැසිරීම් හා පුද්ගලික රහස්‍ය හැසිරීම් පටිගතවීමේ අවදානමක් පවතින නිසා සරසවි තුළ ක්‍රියාත්මක ඇතැම් ශිෂ්‍ය කණ්ඩායම් වලට මෙම සීසීටීවී සවිකිරීම වහකදුරු මෙන් විය.
කාලයක් තිස්සේ මේවාට විරුද්ධවූ ඇතැම් ආචාර්ය සංගම් හා ඇතැම් ශිෂ්‍ය සංගම් පවා පාස්කු ප්‍රහාරයෙන් පසු ඇතිවූ අවදානම් වාතාවරණය තුළ එයට පැවති අකමැත්ත ඉවත් කරගෙන තිබුණි.
නමුත් ශිෂ්‍ය දේශපාලන කෝණයෙන් පටු අරමුණින් කටයුතු කරන සංගම් තවමත් මේවාට විරුද්ධය.
කැලණි සරසවිය මීට සති දෙක තුනකට පෙර වසා සමන්නට සිදුවූයේද මෙම සීසීටීවී හුටපටය නිසාය.
අලුත්ම ආරංචිය වාර්තා වන්නේ පේරාදෙණිය සරසවියේ කළමණාකාරණ පීඨයෙනි.
මෙහි සීසීටීවී සවි කරනවාට ශිෂ්‍ය කණ්ඩායමක් දැක්වූ විරෝධතා නිසා ශිෂ්‍යයින් හා ගුරුවරුන් අතර මත ගැටුමක් පවතින අතර එහි ප්‍රතිඵලයක් ලෙස සීසීටීවී සවි කරන තුරු ඉගැන්වීම් නතර කරන බව දන්වා මේ වනවිට ගුරුවරුන් සේවයෙන් ඉවත්වී විරෝධය පළ කර ඇත.
දේශපාලනික හැසිරීම් හා පුද්ගලික රහස්‍ය හැසිරීම් පටිගතවීමේ අවදානමට බියෙන් පසුවන සිසුන් මෙම ආරක්ෂිත වැඩපිළිවෙලට සහය දීම තවම ප්‍රතික්ෂේප කර තිබෙන අතර මේ නිසා පීඨයේ වැඩකටයුතු සියල්ල නතරවී ඇත.