ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වීම නිසා සතියක කාලයක්
විවේක ගන්වා තිබේ.
පසුගිය
ඇෆ්ගනිස්තාන තරගයේදීද දක්ෂතා දැක්වූ නුවන් ප්‍රදීප් අද  (9) පැවති පුහුණුවීමක් අතරවාරයේ කුසල් පෙරේරා ගැසූ පහරක්  ඔහුගේ මුහුනු දෙසට ආ අවස්තාවේ පන්දුවෙන් ගැලවීමට ඔහු පැත්තකට වෙද්දී දකුණු අතේ වැදීමෙන් ආබාදයකට ලක්ව ඇත.
මේ අනුව නුවන් ප්‍රදීප්ට ඉදිරි බංග්ලාදේශ ශ්‍රී ලංකා තරගය අහිමිව යනු ඇත.