මෙතෙක් යළි ඇමැතිකම් භාර නොගත් මුස්ලිම් මන්ත්‍රිවරුන් 7 දෙනා ඇමැතිකම් භාර ගැනීම ගැන ඉදිරි සතිය අවසන් වූ පසු තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි  පැවැසීය.ඔවුන් එම
ඇමැතිකම්වලින් ඉල්ලා අස් වූයේ
මසක පමණ කාලයකට බවද මන්ත්‍රිවරයා කීවේය. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට විවිධ සම්බන්ධකම් ඇතැයි පවසමින් මුස්ලිම් ඇමැතිවරුන් කිහිපදෙනකුට චෝදනා එල්ල වූ අතර එම චෝදනා මසක් තුළ ඔප්පු කරන ලෙස ඉල්ලමින් ආණ්ඩුවේ මුස්ලිම් මන්ත්‍රිවරු සියලුදෙනා තනතුරුවලින් ඉල්ලා අස්වූහ.

කෙසේ වෙතත් කබිර් හෂිම් සහ අබ්දුල් හලීම් යළි ඇමැතිකම්වල දිවුරුම් දුන්නේ සිය පාක්ෂිකයන්ගේ ඉල්ලීම මත බවද ෆවුසි මන්ත්‍රිවරයා කීවේය. සෙසු මන්ත්‍රිවරුන්ටද ජනතාවගේ ඉල්ලීම් ලැබුණද ඔවුන් පක්ෂ නායකයන් නිසා මසක කාලය සම්පුර්ණ වූවායින් පසුව යැළි ඇමැතිකම් භාර ගැනීම් ගැන තීරණය ගැනීමේ හැකියාව ඔවුන්ට පවතින බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

-රුචිර දිලාන් මධුසංඛ-