https://www.gossiplankanews.com/2019/06/kolakanawadiya-accident-5-dead.html#more
අද (19) අළුයම 1.45 ට පමණ පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ සිදු වූ අත්ට්‍රැක්ටර් වෑන් අනතුරකින් අත්ට්‍රැක්ටරයේ ගමන් ගත් කාන්තාවන් සිව් දෙනෙකු පිරිමියෙකු එකතුව  05 දෙනෙකු මියගොස් තිබේ.

වැලිකන්ද පොලිස් වසමේ මරදන්කඩවල තිරිකොණ්ඩයාඩිමඩු මාර්ගයේ කිලෝ මීටර් 89 කාලකනවාඩිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.
පාන්දර 01.45ට පමණ වැලිකන්ද දෙසට ගමන් කරමින් තිබූ අත්ට්‍රැක්ටරය පසුකර එම දිශාවටම ගමන් කළ වෑන් රථය ඉස්සර කරන්න යාමේදී ගැටීමෙන් අනතුර සිදුව ඇත.
වෑන් රථය එක්වරම ඉස්සර කරන්න හැදුවත් ට්‍රැක්ටරයේ වේගය එකවර අඩු කිරීමට අපොහොසත්වූ බවත්

මේ නිසා වෑන් රථයේ ගැටී ට්‍රැක්ටරය පෙරළී ගිය බවත් පැවසිණි.
අනතුරින් අත්ට්‍රැක්ටරයේ ගමන් ගත් කාන්තාවන් 4 දෙනා සහ පිරිමියා එතැනම ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 12 දෙනෙකු තුවාල ලබා පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.
ට්‍රැක්ටරයේ විවෘත පසුපස කොටසේ මියගිය පිරිස ගමන් කර තිබුණි.
මියගිය පිරිස වැලිකන්ද- බෝවත්ත ප්‍රදේශයේ පදංචිකරුවන් බව පොලිසිය පවසයි.
මියගිය අය මෙසේය.
එදිරිසිංහ ආරච්චිලාගේ පුෂ්පකුමාර- අවුරුදු 32- අංක 76, බෝවත්ත. 02. බී.එම්. අනෝමා කුමාරී- අවුරුදු 38- අංක 140, බෝවත්ත. 03. ආර්.ජී.ඒ. සංජීවනී- අවුරුදු 30- අංක 134, බෝවත්ත.
ඩබ්ලිව්.ඒ. ස්පාලිකා- මැදිරිගිරිය, දිවුලන්කඩවල. | 05. ආර්.ජී.ඒ. සකුන්තලා- අවුරුදු 32- අංක 202, බෝවත්ත.
මෘත ශරීර  පොලොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. තුවාලකරුවන් අතර පිරිමි පුද්ගලයන් 05 දෙනෙකු, කාන්තාවන් 05 දෙනෙක් පිරිමි ළමයකු සහ ගැහැණු ළමයකු පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබයි. වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.