https://www.gossiplankanews.com/2019/06/jayalanka-traders-dead.html#more
දෙහිවල ගුවන් පාලමේ සිය කොළඹ දෙසට වන්නට ගාලුපාරේ දකුණු පසින් පිහිටි ජයලංකා ට්‍රේඩර්ස් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල මංකොල්ල කෑමට පැමිණි පුද්ගලයෙකු
එහි හිමිකරුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කර පළා ගොස් තිබේ.
පොලිසීය සඳහන් කළේ තුවාලකරු කළුබෝවිල රෝහලට

ඇතුලත් කිරීමේදි මියගොස් ඇති බවයි.

වෙළඳසැලේ හිමිකරු වන අබ්දුල් අසීස් නමැති මුස්ලිම් ජාතිකයා එහි දොර වසා එය තුළට වී විවේක ගනිමි සිටියදී අදාල සැකකරු වෙළඳසැලේ දොර කඩා වෙළෙඳසැල ඇතුලට පැමිණ එහි තිබු මුදල් සොරකම් කිරිමට තැත් කර ඇති අතර එය වැලැක්වීමට ගිය අවස්ථාවේදි සැකකරු විසින් වෙළඳසැල් හිමියාට පිහියකින් පහර දී පලාගොස් ඇති බව වාර්තාවේ.

ඊයේ (24) සවස 03ට පමණ මෙම ඝාතනය සිදු වී ඇති අතර මියගිය පුද්ගලයා නැදිමාල, එබ්‍රහීම් ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි නැමැති තිදරු පියෙකු බවටද වාර්තාවේ.
පළාගිය සැකකරු සොයා දෙහිවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.