පාසල් සිසුන්ට අලෙවි කිරීම සඳහා ඖෂධ පෙති 2180 ක් ළග තබාගෙන සිටී පුද්ගලයකු කොළඹ ප්‍රසිද්ධ පාසලක් ආසන්නයේ ගැවසමින් සිටියදී අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය
සඳහන් කරයි.


මෙම ස්නායු රෝගීන්ට ලබාදෙන ඖෂධ පෙති සැකකරු ළඟ තිබී ඇති අතර ඒවා ලබාගත් විට මත්වන බවද එක් පෙත්තක් රුපියල් 50 කට විකුණන බවද සැකකරු ප්‍රකෘශ කර තිබේ.
මෙම ඖෂධ පෙති හෙරොයින් වැනි මන්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ද භාවිත කරන බවට තොරතුරු ලැබි තිබෙන බවද කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පී.එන්. හේමරත්න මහතා පැවසීය.

වෛද්‍ය නිර්දේශයකින් ගෞරව මෙම ඖෂධය ලබාදිය නොහැකි අතර අවශ්‍ය පමණට වඩා මෙම ඖෂධ ලබාදිම විවිධ සංකුලතාවන්ට හේතු වනු ඇතැයි සෙඛ්‍ය අංශ පෙන්වා දෙසි.
මෙම  මත්පෙති හා සැකකරු ඉදිරි විමර්ශන සඳහා ආහාර හා ඖශධ පාලන නියාමන අධිකාරිය වෙත භාරදී ඇති අතර වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

- ජයන්ත සමරකෝන් -