තම බිරියගේ පළමු විවාහයේ දාහතර හැවිරිදි බාල වයස්කාර දියණිය දූෂණය කිරීම සම්බන්ධ අධි චෝදනා තුනකට වරද පිළිගත් විත්තිකරුවකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ  විනිසුරු ඩබ්ලිව්.වී.එස්. නිස්සංක මහතා එක් චෝදනාවකට බරපතළ වැඩ සහිත වසර පහළොව බැගින් වසර හතළිස් පහක සිර දඬුවම් සහ
රුපියල් පහළොස් දහසක දඩ නියම කර සිර දඬුවම් වසර පහළොවකදි එකවර ගෙවී යාමට ද නියම කළේය.


 දඩ නොගෙවන්නේ නම් තවත් මාස නවයක සිර දඩුවම් ද විත්තිකරුට නියම විය.

මෙසේ දඬුවම් නියම වූයේ හැටපස් හැවිරිදි විත්තිකරුවකුටය. 2008 පෙබරවාරී 1 දින

සිට 2009 ජනවාරි 31 දක්වා කාලය
තුළදී තම බිරියගේ පළමු විවාහයේ දාහතර හැවිරිදි බාල වයස්කාර දියණිය දූෂණය කිරීම සම්බන්ධයෙන්විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.

විත්තිකරුත් බිරියත්  ඇගේ පළමු විවාහයේ බාල වියස්කාර දියණියත් එකම නිවසක පදිංචිව සිට ඇති බවත් බිරිය රෝගී තත්ත්වයෙන් පෙළෙමින් සිට ඇති බවත් එසේ සිටියදී රාත්‍රි කාලයේදී නිවස තුළදීම දියණිය දූෂණය කර ඇති බවත් නඩු විභාගයේදී අනාරණය විය.

විත්තිකරු දිගින් දිගටම ඇය සමග අඹු සැමියන් ලෙස හැසිරී ඇති බවත් ඇයට පාසල් නොයන ලෙස පවා බලකර ඇති බවත් පාසලෙන් බැහැරව යහළුවකුගේ නිවසට ගිය අවස්ථාවේ ඇයට පහරදී ඇති බවත් එම අවස්ථාවේ ඇය නැන්දාගේ
නිවසට ගොස් සිද්ධිය පැවසීමෙන් පසු පොලිසියට පැමිණිලි කර ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

පළමු අවස්ථාවේ විත්තිකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇප තැබීමට කිසිවකු ඉදිරිපත් නොවීමෙන් වසර හතර හමාරක් ඊමාන්ඩ් කර සිට ඇති අතර පසුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පෞද්ගලික ඇපයක් මත මුදා හැර ඇත. මෙම
මහාධිකරණයේ අධි චෝදනා බාරදීමෙන් පසුව ද ඇප ගැබිමට කෙනෙකු ඉදිරිපත් නොවීමෙන් මාය හයක පමණ කාලයක සිට රීමාන්ඩ්ව සිටි බව ද අනාවරණය විය. එම කරුණු ද සැලකිල්ලට ගෙන පිතිකරුට දඬුවම් නියම කෙරිණි.

-උණවටුන - ඩී.පී.සුගතපාල