පාස්කු ඉරිදා මෙරට ප්‍රධාන දේවස්ථාන 3ක් හෝටල් 4ක් ඇතුළු ස්ථාන 8ක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැනගෙන තිබියදීත් ඒ ගැන නොසැලකිලිමත් වීම පිළිබදව අපරාධ
විමර්ශනයක් ආරම්භ
කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබේ.

ඊයේ සවස ආරක්ෂක තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව පැවසීය. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ බී වාර්තාවක් මගින් කරුණු දක්වා තිබේ.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ විශේෂ කමිටුවේ අතුරු වාර්තාව පදනම් කර ගනිමින් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ඊට පෙර තිබූ තොරතුරු සම්බන්ධයෙන් නිලධාරීන්ගේ නොසැලකිල්ල පිළිබද මෙහිදී විමර්ශන ආරම්භ කර තිබේ.

-දිනුක මලින්ද හේරත්-