මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව සිදුවන විමර්ශනයේදී බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි දීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව අමාත්‍ය රවි කරුණානායක මහතාගේ දියණිය වන
ඔනෙලා කරුණානායක
යන අයගෙන් අපරාධ පරිඝණ දෙපාර්තමේන්තුව ඊයේ (25දා) පැය 6කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අධිකරණ නියෝග මත දෙවැනි වතාවටත් ඇය මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දී ඇත. මිට අදාළව ඇයගෙන් ප්‍රථම වරට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවේ ඉකුත් 06 වැනි දිනය. අධිකරණ නියෝගවලට අදාළව ඉදිරියේදී රවි කරුණානායක මහතාගෙන් සහ ඔහුගේ බිරිය ද මිට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතව ඇත.

-චාමර අමරසුරිය-