https://www.gossiplankanews.com/2019/06/PASYALA-INCIDENT.html#more

පසුගිය දිනවල ඇතිවූ ජාතිවාදී කලබල නිමක් නොවන නොසංසිඳෙන සිදුවීම් නැවත නැවත ඇතිවීම කණගාටුදායි තත්වයකි. කොළඹ මහනුවර මාර්ගයේ පස්යාල නගරයේ වයාපාරික ස්තානයක් අසළ පිහිටි බුද්ධ මන්දිරයක
බුදු පිලිම දෙකක ශීර්ෂ කඩා

බිඳ දැමීමේ සිද්ධියක් ඊයේ (5) වාර්තාවීම නිසා පස්යාල ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් නැවත වර්ධනය වී තිබුණි.

බුද්ධ මන්දිරයේ තැන්පත් කර තිබූ විශාල බුදු පිළිමයේ ශීර්ෂය හා දකුණු අත ඉහළ කොටසට හානි කර තිබූ අතර කුඩා බුදු පිලිමයේ ශීර්ෂය කඩා දමා තිබුණි. මෙම ස්තානයේ සීසීටීවී සවිකර තිබුණත් ඒවා ක්‍රියා විරහිතව තිබූ බව පැවසේ. කිසියම් අයෙකුගේ සෙරප්පුවක් දමා ගොස් තිිබියදී හමුවූ බව පොලිසිය මේ ගැන කළ පැමිණිල්ල අනුව සිදු කළ පරීක්ෂණයේදී අනාවරණය කරගෙන තිබුණි.

සිද්ධිය වාර්තාවූ පසු ප්‍රදේශයේ මහා සංඝරත්නය හා ජනතාව විශාල වශයෙන් එක්වී වහා පරීක්ෂණ කරන ලෙසත් පොලිසිය මන්දගාමී වීම ගැටලුවක් බවත් දක්වමින් උද්ඝෝෂණ කරන්නට විය. නිට්ටඹුව පොලිසියේ නිල සුනඛ ඔලීද ගෙනවිත් පරීක්ෂණ සිදු කරනු වාර්තා විය.
බුද්ධ මන්දිරය ආසන්නයේ ඇඟිලි සලකුනු පරීක්ෂාවක්ද සිදු කර තිබුණි.
පොලිසිය හා කපිතාන්වරුන් දෙදෙනෙකුගෙන් යුත් හමුදා ආරක්ෂාවක් නගරයට සපයා තිබුනේ අනවශ්‍ය කලබල යළි ඇතිවේය යන සැකයෙනි.
මේ ගැන පොලිස් පරීක්ෂණ තවම සිදුවේ.