ඉදිරියේ දී චීනයෙන් මෙගාවොට් 300ක් ජපානෙන් මෙගාවොට් 300ක් සහ ඉන්දියාවෙන් මෙගාවොට් 300ක් ආදි වශයෙන් බලාගාර 03කින් විදුලිය ගැනීමට සැලසුම් කර ඇතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර
සංවර්ධන අමාත්‍ය රවී
කරුණානායක මහතා පැවැසීය. 2022 වසර වනතුරු විදුලි හිගයක් පවතින බවත් එතෙක් මෙම මිල දී ගැනීම් සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.

 "විදුලිබල පනතට අනුව 43-4 - C 11 යටතේ හදිසි මිල දී ගැනීමක මිල, ටෙන්ඩර් මිලට වඩා සෑහීමකට පත් වෙනවා නම්, එම හදිසි මිල දී ගැනීම සිදුකළ හැකියි. ඒ ක්‍රියාපටිපාටිය යටතේ තමයි අපි පසුගියදා විදුලිය මිල දී ගැනීම සිදු කළේ" යැයිද ඇමැතිවරයා සඳහන් කළේය. කිසිසේත්ම ගෘහ විදුලි ඒකකයක මිල වැඩි වීමක් සිදු නොවන බව අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවැසීය.

-චානක ඉනොජ්-